Friday, January 25, 2013

කලකට පස්සේ..

වල් වැදිලා ගිය බ්ලොග් එක පැත්තේ ඔන්න සිත්තරාවි ආයෙමත් සක්මන් කරන්න පටන් ගත්තෝ.... ගොඩ කාලෙකින් කිසිම දෙයක් ලිව්වෙත් නෑ,වැඩේ කියන්නේ ලියන්න කොච්චර දේවල් තිබුනත් ලියන්න හිතෙන්නේත් නැති එකනේ. අසනීප තත්වය නම් තාමත් එහෙමමයි. කොහෙද මේ දවස් වල අපේ කාළගුණ තත්වය එහෙම හොඳ නෑ නොවෑ. ඉතිං කොයි වෙලේ බැළුවත් ලෙඩක්ම තමා. අළුත් අවුරුද්ද පටන් ගද්දිම ලෙඩ තාමත් ඉවරයක් නෑ මුලදි නම් හිතුවේ ලෙඩ හොඳ උනාම ආයෙම ලියන්න පටන් ගන්නවායි කියලා, කොහෙද තාම ලෙඩ හොඳ නෑ නොවෑ ඉතිං ලෙඩ පිටින්ම ආව ලියන්න මොනවා හරි. හැබැයි මම ලියන එක නතර කරලා තිබුනට කියවන එක නම් නතර කරලා තිබුනේ නෑ ඕං. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කට්ටිය ලියන ඒවා කියෙව්වා හොඳේ... 


මට බ්ලොග් එක මතක් වෙන්නේ නම් කම්මැලි වෙලාවට තමා. ඒ වෙලාවට හිතට එනවා එක එක විකාර ලියලා දාන්න. ඒත්.... ඒක ලියන්නත් මාරම කම්මැලියි අෆ්ෆා. ඉතිං හිතට ආව ලස්සන සිතිවිල්ල හිතේම තියාගෙන සීතලත් නිසා හොඳට පොරවගෙන නිදා ගන්න එකම තමා කරන්නේ. ඒ වෙලාවට නින්දෙදිම හිතනවා නැගිටපු ගමන් ලියන්න ඕනා කියලා කොහෙද ඒ වෙද්දි අර ලස්සන සිතිවිල්ල මැකිලා ගිහින්. ඉතිං මම මක් කරන්නද..?? 

මේ දවස් වල හතර වටේටම හිම වැටිලා. ඒත්.... රෝමේට නැහැනේ :(... මම නම් මේ දවස් වල ඒ ගැනත් දුක් වෙවි ඉන්නේ. කොච්චර ආසාවෙන්ද උන්නේ හිමේ සෙල්ලම් කරන්න ෂිට් ....!!!! ඒකත් නැති උනා. 

හැබැයි.... ඕන්න සිත්තරාවිට සතුටු වෙන්න නම් කාරණාවක් තියෙනවා ඕං. සිත්තරාවි තව ටික කාලෙකින් ලංකාවට එනවෝ අම්මා බලන්න...  හුරේ......!!!! මේ ආව නම් යන්නේ නෑ ගොඩ කාළයක් ඉඳලා තමා ආයේ එන්නේ. ලෙඩ උන වෙලේ තමා හිතුනේ අම්මා ලඟ උන්නා නම් කොච්චර හොඳද කියලා..


ප.ළි. උණ විකාරෙටද කොහෙද පිස්සු ලියලා,කමක් නැහැනේ ඔන්න ඔහේ පබ්ලිශ් කරලා දැම්මා හලෝ.. 

ඊළඟ ලිපියෙන් හම්බවෙමු.. 

Sunday, January 6, 2013

සුභ නව වසරක්.........!!!!!





ලැබුවාවු නත්තල සහ අළුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වෙන්න කියලා ඕන්න සිත්තරාවිත් බ්ලොග් ලියන කියවන හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි හරි.... නත්තල අවුරුදු ලබලා දැන් දවස් ගානක් උනා නම් තමා පරක්කු වෙලා හරි සුභ පැතුවනේ.. ඇත්තම කියනවා නම් පහු ගිය මාසේම බ්ලොග් එකේ සැරි සරන්න බැරි උනේ ඉන්ටනෙට් ප්‍රශ්නයක් නිසානේ.. කොහෙද හදන්න එන්න කිව්වම නත්තල් පහු වෙලා එන්නම් කිව්වානේ. ඒත් කමක් නෑ කියලා කොහොම හරි ඉවසන් උන්නා මොකද උඩ ගෙදර කට්ටියගෙන් ලාවට වගේ වයි ෆයි කනෙක්ශන් එකක් ලැබිලා තිබුනේ. ඒකත් අල්ල ගන්න විඳපු දුකක් අප්ෆා... ඒ දවස් වල නම් කෑමටත් වඩා ඉන්ටනෙට් වල උවමනාව තදින්ම දැනුනා. ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් එක්කම ඉන්ටනෙට් නම් හම්බ උනා. ඒත් වැඩක් නෑ.... කථා කරගන්නවත් බැරි තරමට සිත්තරාවි ලෙඩින් අප්ෆා. බේත් ගත්තත් අඩු නොවන කැස්සකුයි හෙම්බිරිස්සාවකුයි හැදිලා අයියෝ.......... මටමයි අප්ෆා මේවා වෙන්නේ. අළුත් අවුරුද්ද පටන් ගත්තේම කරදර ගොඩකින්  මොනවා කරන්නද....  

ලියන්න දේවල් වගයකුත් තියෙනවා. අතරමග නවත්වපු ලියවිල්ල ආයේ ලියන්න එන්නම්කෝ ඉක්මනට. ලොකේ විනාස උනේත් නැහැනේ ඒක නිසා නිවි සැනසිල්ලේ ලියන්න පුලුවන් මොකද ආයේ විනාස වෙන්න නියමිත දිනය දැනුම් දීලා නැති පාටයි තව මගේ හිතේ.. හි:) හි:) නොලිය උන්න කාලේ අතුරුදහන් උන සිත්තරාවි ගැන හොයලා බලපු කට්ටියක් උන්නා ඒ අයටත් බොහොම ස්තූතියි...  

එහෙනම් ඊළඟ ලිපියෙන් හම්බවෙමු....