Saturday, December 1, 2012

කුරුළු පිහාටුවක් එවන්න...


හ්ම්...ම්ම් අවුරුදු 3ක්ම උන්නා අම්මේ මම නත්තලක් අවුරුද්දක් සමරන්න ඔයාලා නැතිව. ඇඟ හිරි වට්ටන මේ සීතල ඉවසගෙන ඔයාලා දෙන්නා නැතිව සමරපු ඒ නත්තල් නම් නත්තලක් නොවුන තරම්.. ඒ දවස් හැමෝටම ප්‍රීතිජනක වෙද්දි මට නම් සමාන්‍ය දවස් උනා.. ඊළග අවුරුද්දෙදිවත් ඔයාලා ඉඳිවිද අම්මේ මා එක්ක නත්තල සමරන්න... මල්ලිට නත්තලට ඕන කිව්ව තෑගි ඔක්කෝම මම ගත්තා.. නංගිටත් ගත්තා ලස්සන එයා වගේම බෝනික්කියෙක්. අම්මටයි තාත්තටයි නම් මම මුකුත් ගත්තේ නෑ.. ඔයාලට තෑගි දෙන්න තියෙන්නේ මාවමයි... මට වගේම අම්මලාටත් මම නැතිව නත්තලක් නෑ කියලා මම දන්නවා. ඒත්...... හැමෝම ඉල්ලන හැමදේම නත්තල් සීයා එයාලට දෙනවා ඒත් මම ඉල්ලන පුංචිම පුංචිම දෙයක් එයාට දෙන්න බැරි ඇයි අම්මේ...? නත්තල් සීයා මා එක්ක තරහා වෙලාද..? එහෙම වෙන්නත් ඉතිං මම නරක ළමයෙක් නෙමේනේ අම්මේ..

අම්මාට මතකද අපි ඉස්සර ගේ ඉස්සරහ හදන ලොකු නත්තල් ගහයි ගවලනයයි.. මුළු ගෙදරටම ලයිට් දාලා, මුළු ගේම සුද්ද පවිත්‍ර කරන් කොච්චර ලස්සනට අපි නත්තල සමරනවාද..? ඒවා කරන්න අම්මාට උදව් වෙන්න තාත්තත් නෑ මමත් නෑ නංගිත් නෑ... අම්මගේ තනියට ඉන්නේ චූටි මල්ලියා විතරයි.. පව් පොඩි කොල්ලා තනියම ඒව කරගන්න් බැරිව අඬනවා ඇති.. නත්තල කියන්නේ මොකක්ද කියලා ඒ දවස් වල නම් මට වැටහුනේ නෑ අම්මේ ඒ උනාට දැන් නම් මට තේරෙනවා හොඳට.



පොඩි මල්ලී අතේ අනේ අම්මේ.. ගෙදර එන්න මට කුරුළු පිහාටුවක් එවන්න.